අපි නොදන්න Branding

දුටු සැනින් නෙත ගැටෙන world famous brands කිහිපයක් ඉහත පින්තූරෙ තියෙනවා. DELL, HP (පැහැදිලිව නොපෙනුනත්) සහ Xiaomi / MI යන ලෝක ප්‍රකට සන්නාම අතර ශ්‍රී ලාංකික Lanka MarketSpace [ www.lkmarketspace.com ] , Lanka TravelSpace, Ceylon Fort Walks, TMG Sri Lanka සහ Classic Lanka Expeditions (CLE) නාමයන් ඔබට පේනවා ඇති.

පහත දැක්වෙන්නේ [ www.marketingcharts.com ] වෙතින් උපුටා ගත් පසුගිය වසරේ world famous brands and brand loyalty ගැන කෙරෙන විග්‍රහයක් සහ එයාලගෙම ශ්‍රේණිගත කිරීමක්.

Smartphones category යටතේ Apple (ranked #4 in 2020) සහ Samsung (ranked #10 in 2020) තිබුනාට මගේ පළමු smartphone අත්දැකීම වෙන්නෙ 2017 ජූනි මාසයේ මිලදී ගත් Xiaomi / MI - Redmi 4X වර්ගයේ ජංගම දුරකතනයයි. චයිනීස් බඩු ගැන තියෙන බහුතර සැකය මටත් තිබුණත්, අවුරුදු 4ක් පුරාවට හිත පිරෙන්න සේවයක් ලබා දුන්න උපකරණයකට බොහොමයක් ස්තූතියි!

ගත්තු shop එකේ විස්තරෙයි, original packing එකයි, camera එක test කරන්න ගත්තු මුල්ම photo එකත් එක්කම දාන්න පුලුවන් උනේ brand loyalty එක නිසා කියලයි හිතෙන්නෙ. What goes around comes around - ඒ නිසා recommendations දෙන්න මැලිවෙන්න එපා. හැබැයි මේක අරගෙන office යන කාලෙ advertising ඒජන්සියක් කරන ලොක්කෙක් වගේ කෙනෙක්, බොහෝ අය smartphone කිව්වාම අදුනන්නෙ Samsung නිසාදෝ මන්දා, කියන්න හැදුවෙ හරියට මම නොදන්නා කුණු ගොඩක් කරේ ගහ ගත්තා වගේ කතාවක්. ඒ කතාව බොරු කරන්න පුලුවන් කියලා හිතුනට අවුරුදු 4කට පස්සෙ මෙහෙම සටහනක් ලියන්න හේතු වෙන්නෙත් branding ගැනම කතාවක්.

Lanka MarketSpace කියන්නෙ content writing වලට ඇති ආසාව නිසා කරපු මගේම නිර්මාණයක්. Brand name, tagline, project concept යන සියලුම දේ online create කරලා ඉවරවෙලා තවත් පිරිසක් එක්ක බෙදා ගත්තෙ හැමෝම එකතු වෙලා ගොඩ යමු කියලා හිතලා. ඒත් සමහරක් මිනිස්සුන්ට වයසට ගියත් values කියන දේ නොතේරෙන්නෙ ඇයි කියන්න අමාරුයි. Creative නම් අනුන්ගෙ project copy කරන්න අවශ්‍ය නෑ නේ. "අගේ ඇති දෙයක්" කලාම, 'වගේ දේවල්' බිහිවෙන සමායක් තියෙන්නෙ. Start-up මට්ටමේ ඉන්න, විශේශයෙන් තරුණ පරපුර මේ ගැන හොද සැලකිල්ලෙන් ඉන්න. හැබැයි duplicate වලින් ORIGINAL වට්ටන්න බෑ කවදාවත්.

අපේ ගමන නොනැවතී brands ගනනාවක් බිහිවෙන expanded project එකක් ලෙස detour උනා. මුල්ම පින්තූරෙ පැහැදිලිව නොපෙනෙන brand logos වලට අමතරව තවත් බොහෝ දේ මේ වන විටත් කෙරීගෙන යන්නේ සාමූහිකව ඉදිරියට යන කණ්ඩායමක් එක්ක, එකතු වෙන්න කැමති අයටත් දෑත දිගු කරමින්...

ඒ නිසා අමතක කරන්න එපා, අවංකව හිතුවොත් අපි නොදන්න branding කියලා දෙයක් නෑ!

~ Gihan N. Perera [ gp.creaxions@gmail.com ]



 


Comments

Popular posts from this blog

An old map of Battaramulla

Diyatha Uyana (දියත උයන), a waterfront park in Battaramulla